දන්න දවසක් ගැන නො දන්න කථාවක්




කාලෙකට ඉස්සර කියවන්න ලැබුණ ලස්සන කවි පන්තියක් මතක් වුණා. මේ කවි පෙළේ රචකයා ‘වැල්ලම්පිටියේ කිවිඳු’ කියලයි සඳහන් වන්නේ.

‘‘උපන් දිනය අළලා කවි ලියන පොරොන්දුව
අදත් ඔන්න ඉටු කරන්න ගනිමි උනන්දුව”

මේ දෙපදෙන් අරඹපු කවි කිහිපය තමන්ගේ දුවණියගේ උපන් දිනය වෙනුවෙන් තමයි ලියලා තියෙන්නේ. ඔබ වෙනුවෙනුත් ඇතැම් විට මේ වගේ ම කවි ලියැවිලා ඇති. එහෙම නො වුණත් සුබ පැතුමක් හරි අනිවාර්යයෙන් ලැබෙන උපන් දිනයක් ඔබටත් තියෙනවානේ.

ජීවිතය තුළින් ධර්මය දකිමු.


භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අපි මුලින්ම විස්වාස කරන්ට ඕනැ, පිළිගන්න ඕනැ. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිගත්තට පස්සෙ ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපලා බලන්ට ඕනැ. තමන්ගෙ ජීවිතයට ධර්මය ගලපල බලනකොට ධර්මයේ තිබෙන දෙය තමන්ගේ ජීවිතය තුළ ක‍්‍රියාත්මක වෙනව එයාට තේරෙනව. මේ ආයතන හය අසංවර වුනහම සිදුවෙන දේවල් ගැන භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව. අපි ඒ ධර්මය ඉගෙන ගෙන අපගේ ජීවිතයට ගලපල බලනව. ගලපල බලනකොට ධර්මයේ තියෙන දේ අපේ ජීවිතය තුළ ක‍්‍රියාත්මක වෙනව අපිට තේරෙනව. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තව කෙනෙක් ඇත්තයි කියල, කියල දෙන්ට ඕනෙ වෙන්නෙ නෑ. අන්න ඒකටයි ධර්මය තමන් තුළින් ම තේරුම් ගන්නවා කියල කියන්නෙ.
මේ ධර්මය අපි අපේ ජීවිත තුළින් තේරුම් ගත්තොත්, අපිට පුළුවන් ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේව දැකගන්ට.

Path to generate happiness


Nobody in the world likes suffering and everybody is in search of happiness. If one wishes to enjoy happiness, he /she should have an understanding of the way of generating happiness.
Merely admiring happiness and merely refusing suffering won’t help do away with suffering and develop happiness. If someone likes to develop happiness, he /she should have a thorough understanding of how to generate happiness.
Nothing but the Dhamma preached by the Buddha helps us to have an understanding within us about the way to lead a comfortable life. Because, the Buddha is the only noble person in this world who could develop absolute happiness. He could develop the absolute happiness by completely eliminating suffering.

අපමණ බුදු ගුණ සිහි කරමින්නේ සසර දුකින් අපි එතෙරට යන්නේ


අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සමරණ අපි කවුරුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ සම්බුදු ගුණ නිතර සිහිකරන්ට පුරුදුවෙන්ට ඕනැ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ආදර ගෞරවය දක්වන උතුම් විදිහ. යමෙක් සම්බුදු ගුණ නිතර සිතනවා නම් ඒ පුහුණුව එයාගෙ ජීවිතය ආරක්ෂාවීමට ඒකාන්ත වශයෙන්ම උපකාර වෙනවා.

 තේකිච්චකාණී මහරහතන් වහන්සේ අපිට කියාදෙනවා, “සිත පහදවාගෙන අපමණ ගුණ ඇති බුදුසමිඳාණන් ගැන සිහිකරන්න. හැමතිස්සේ ම ඔදවැඩුනු ප‍්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇතිකෙනෙක් වෙන්න” කියල. එතකොට බලන්න බුදුගුණ සිහිකිරීම කොතරම් සුවය උපදවන දෙයක් ද කියල. මේ මහා ලාබය අපි මේ ජීවිතයේ දී ම අත්කරගත යුතු යි. නමුත් ඇතැම් අය අපට කියනවා “අනේ මට බුදුගුණ වැඩෙන්නෙ නෑ.බුදුගුණ භාවනාවෙ හිත පිහිටුවගන්ට බෑ” ආදී කරුණු. මේක හොඳ තත්වයක් නම් නෙවෙයි. නිතර සම්බුදුගුණ සිහිකරනවා නම් අපි ඒ පුරුදුකරන්නේ පළවෙනි සෝතාපත්ති අංගයයි. යමෙකුට බුදුගුණ සිහිකිරීමට බැරි නම් එයාට අහිමිවෙන්නෙත් පළවෙනි සෝතාපත්ති අංගය යි. ඒක අපි කාටවත් යහපතක් නම් නෙවෙයි අයහපතක් ම යි.